Dhanu namal's profileIsuru Perera's profile

International Literacy Day Campaign

Client -Visioncare
Creative Director - Dhanu Namal
International Literacy Day Campaign 
Photographer - @isuru udayanga 
FB Post Caption -වර්ෂ 1890 මැයි 29 දින ළමාහේවගේ දොන් මාර්ටින් වික්‍රමසිංහ නමින් කොග්ගල උපත ලැබූ මෙතුමා දේශීයත්වය මුල් කරගත් දැක්මකින් සාහිත්‍ය ලොව අවදි කරන්නට වෙහෙසුණ ප්‍රාමාණික වියතෙකි. බෞද්ධ දර්ශනය හා බෞද්ධ සාහිත්‍ය පිළිබඳ හසල දැනුමකින් හෙබි වික්‍රමසිංහන් විසින් රචිත සාහිත්‍ය සහ විචාර පතපොත ගණන අතිවිශාලය. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, බවතරණය, මඩොල්දූව, විරාගය වැනි සිංහල සාහිත්‍යාවලියේ කේන්ද්‍රීය නවකතා රැසක කතුවරයා වන්නේ ද මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ය.හෙළයේ මහා ගත්කරු යන විරුදාවලි ලත් මෙතුමන් සිංහල සාහිත්‍ය වංශකතාව තුළ දැවැන්ත ස්වාධීන සලකුණක් තබන්නට සමත් වූ විරල ගණයේ ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකි.නූතන සිංහල සාහිත්‍යයේ දිශානතිය සකස් වීම කෙරෙහි මාර්ටින් වික්‍රමසිංහයන්ගේ දැක්ම ඉතා ප්‍රබල සාධකයක් වූ බව නොරහසකි. මේ මහා සාහිත්‍යධරයාට අපේ උත්තමාචාරය මෙලෙස පුදකරන්නෙමු.
FB Post Caption -1965දී එක්සත් රාජධානියේ උපත ලැබූ ජේ.කේ. රෝලිං ලෝ සුපතල හැරී පෝටර් කතා මාලාවේ නිර්මාතෘවරියයි. පොත් ප්‍රකාශයකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ කෘතියක් වූ හැරි පෝටර් පළවීමත් සමඟ එය ලොව පුරා වැඩියෙන්ම අලෙවිවන කෘතියක් බවට පත් විය. ජේ.කේ. රෝලිං වත්මනෙහි ලොව ධනවත්ම ලේඛිකාවක් ලෙසද සැලකේ. මායා යථාර්ථවාදී දැක්මකින් ළමා චින්තනයට අපූරු වින්දනයක් තිළිණ කරන්නට පන්හිඳ මෙහෙය වූ ජේ.කේ. රෝලිං ලේඛිකාවට අපගේ උත්තමාචාරය
FB Post Caption - මානවවාදයේ දැක්ම රාසිපුරම් ක‍්‍රිෂ්ණස්වාමි අයියර් නාරායන්ස්වාමි නොහොත් ආර්.කේ. නාරායන් 1906 දී ඉන්දියාවේ මදුරාසියේදී උපත ලැබීය. ඉන්දියානු සාහිත්‍යයේ කීර්තිමත්ම ලේඛකයෙකු සේ සැලකෙන ආර්.කේ. නාරායන් 1935දී සිය ප‍්‍රථම නවකතාව වූ Swami and Friends පළ කළේය. ඔහුගේ කෘති අතරින් වඩාත්ම ජනප‍්‍රියත්වයට පත් වූයේ දකුණු ඉන්දියාවේ කුඩා නගරයක් වූ මල්ගුඩිය පාදක කොට ලියූ Malgudi Days නැමති කෙටිකතා මාලාවයි. සම්ප‍්‍රදායෙන් බැඳුන ඉන්දියානු ජන ජීවිත තුළට සියුම් මානවවාදී දැක්මක් හෙළමින් අපූරු උපහාසාත්මක ශෛලියකින් සාහිත්‍යකරණයේ නියැළුණු මේ මහා සාහිත්‍යධරයාට අපේ උත්තමාචාරය මෙලෙස පුදකරන්නෙමු
FB Post Caption - වර්ෂ 1890 මැයි 29 දින ළමාහේවගේ දොන් මාර්ටින් වික්‍රමසිංහ නමින් කොග්ගල උපත ලැබූ මෙතුමා දේශීයත්වය මුල් කරගත් දැක්මකින් සාහිත්‍ය ලොව අවදි කරන්නට වෙහෙසුණ ප්‍රාමාණික වියතෙකි. බෞද්ධ දර්ශනය හා බෞද්ධ සාහිත්‍ය පිළිබඳ හසල දැනුමකින් හෙබි වික්‍රමසිංහන් විසින් රචිත සාහිත්‍ය සහ විචාර පතපොත ගණන අතිවිශාලය. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, බවතරණය, මඩොල්දූව, විරාගය වැනි සිංහල සාහිත්‍යාවලියේ කේන්ද්‍රීය නවකතා රැසක කතුවරයා වන්නේ ද මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ය.හෙළයේ මහා ගත්කරු යන විරුදාවලි ලත් මෙතුමන් සිංහල සාහිත්‍ය වංශකතාව තුළ දැවැන්ත ස්වාධීන සලකුණක් තබන්නට සමත් වූ විරල ගණයේ ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකි.නූතන සිංහල සාහිත්‍යයේ දිශානතිය සකස් වීම කෙරෙහි මාර්ටින් වික්‍රමසිංහයන්ගේ දැක්ම ඉතා ප්‍රබල සාධකයක් වූ බව නොරහසකි. මේ මහා සාහිත්‍යධරයාට අපේ උත්තමාචාරය මෙලෙස පුදකරන්නෙමු.
FB Post Caption - ​​​​​​​1947 සැප්තැම්බර් 21 දින උපත ලැබූ ඇමරිකානු ලේඛක ස්ටීවන් කිං, ජනප්‍රියත්වයට පත්වූයේ ත්‍රාසජනක, අධියථාර්ථවාදී හා ෆැන්ටසිමය ශෛලියකින් සාහිත්‍යකරණයේ නියැළෙන ලේඛකයෙකු ලෙසය. ඔහු විසින් රචිත කෘතිවල පිටපත් මිලියන 350කට අධික ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වී ඇති අතර ඔහුගේ කෘති රැසක් රූපවාහිනී සහ සිනමා මාධ්‍යයන්ට ද නැඟී ඇත. ත්‍රාසයේ සහ ෆැන්ටසියේ අපූරු වින්දනීය දැක්මක් ඔස්සේ ලොවක් මවිත කළ මේ විශිෂ්ට ලේඛකයාට අපේ උත්තමාචාරය!
Display Rack for Public Areas
International Literacy Day Campaign
Published:

International Literacy Day Campaign

International Literacy Day Campaign

Published: